The Employees Provident Fund has become the strongest fund in Asia today.
...අද ආසියාවේ තිබෙන ඉතාම ශක්තිමත් අරමුදල බවට [ශ්‍රී ලංකා] සේවක අර්ථ සාධක අරමුදල පත්වෙලා තිබෙනවා.
- ගාමිණී ලොකුගේ - 09.02.2021 - පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා
අමාත්‍ය ලොකුගේ පවසන තරමටම සේවක අර්ථසාධක අරමුදල ශක්තිමත් නැත
අමාත්‍ය ලොකුගේ විසින් සිදුකළ මෙම ප්‍රකාශයේ ‘ශක්තිමත්’ යන වචනය අමාත්‍යවරයා විසින් භාවිතා කොට ඇත්තේ, ‘විශාලතම අරමුදල’ හැඳින්වීමට නැතිනම් ‘ඉහළම ප්රතිලාභ අනුපාතයක් ඇති අරමුදල’ හැඳින්වීමට යැයි FactCheck මගින් මෙහිදී උපකල්පනයක් සිදු කර ඇත.
අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයේ නිරවද්‍යභාවය විමසා බැලීම සඳහා, FactCheck මගින් නිල මූලාශ්‍ර ඔස්සේ ආසියාවේ රටවල් කිහිපයක විශ්‍රාම අරමුදල්වල ප්‍රමාණයන් සහ ප්රතිලාභ අනුපාතයන් සොයා බලා, ඒවා ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදල හා සසඳා බලා ඇත.
ප්‍රමාණය අතින් ගත් විට, ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් අරමුදල 2019 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 13 ක් පමණ වී ඇත. පහත නිදර්ශක අංක 01 මගින් දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලට වඩා විශාල,ආසියාවේ වෙනත් රටවල් 9 ක විශ්‍රාම වැටුප් අරමුදල් 9 ක් පිළිබඳවයි.
ප්රතිලාභ ලැබීමේ අනුපාතය සම්බන්ධයෙන් සලකා බැලීමේදී, මෙම අරමුදල් ඇත්තේ විවිධ මුදල් වර්ගවලින් වන බැවින්, වසර පහක කාලසීමාවක් සඳහා (2015-2019) මෙම අරමුදල්වල ප්රතිලාභයන් ඇමරිකානු ඩොලරයට හරවා සංසන්දනය කර ඇත. උක්ත කාලසීමාව සඳහා ගත් විට ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලට 3.6% ක සංයුක්ත සාමාන්‍ය ප්රතිලාභ අනුපාතයක් තිබී ඇත.
නිදර්ශක අංක 01 මගින් ප්රතිලාභ අනුපාතයන් සම්බන්ධ දත්තද ඉදිරිපත් කර ඇත. ඊට අනුව පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලට වඩා විශාල ප්රතිලාභ අනුපාතයන් ඇති අරමුදල් දෙකක් ආසියාවේ තිබෙන බවයි. ඒවා නම්, චීනයේ ජාතික සමාජ ආරක්ෂණ අරමුදල සහ ඉන්දියාවේ සේවක අර්ථසාධක අරමුදල වන අතර, එම අරමුදල් සඳහා පිළිවෙලින් 5.1% ක සහ 5.7% ක ප්රතිලාභ අනුපාතයන් තිබේ.
මෙසේ ගත් විට, ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදල ආසියාවේ විශාලතම විශ්‍රාම අරමුදල නොවන අතරම, ඇමරිකානු ඩොලර් අගයෙන් ගත් විට ඉහළම ප්රතිලාභ අනුපාතය ලබාදෙන විශ්‍රාම අරමුදලද නොවේ. ඒ අනුව, අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි නොවේ යැයි අපි වර්ගීකරණය කරමු.
*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.
නිදර්ශක අංක 01: ආසියාවේ ප්‍රමුඛතම විශ්‍රාම වැටුප් අරමුදල් (2019)
ප්‍රමාණය අනුව ශ්‍රේණිය |
අරමුදලේ නම |
රට |
ඇ.එ.ඩො. බිලියන |
වසර 5 ක ප්රතිලාභ සාමාන්‍යය ඇ.එ.ඩො. වලින් |
1 |
රජයේ විශ්‍රාම වැටුප් ආයෝජන අරමුදල |
ජපානය |
1,382 |
-0.2% |
2 |
කොරියා ජාතික විශ්‍රාම වැටුප |
දකුණු කොරියාව |
632 |
3.2% |
3 |
සේවක අර්ථසාධක අරමුදල |
මැලේසියාව |
224 |
1.4% |
4 |
ජාතික සමාජ ආරක්ෂණ අරමුදල |
චීනය |
380 |
5.1% |
5 |
මධ්‍යම අර්ථසාධක අරමුදල |
සිංගප්පූරුව |
314 |
n/a |
6 |
අනිවාර්ය අර්ථසාධක අරමුදල |
හොංකොං |
110 |
2.3% |
7 |
* සේවක අර්ථසාධක අරමුදල |
ඉන්දියාව |
158 * |
5.7% |
8 |
සමාජ ආරක්ෂණ අරමුදල |
තායිලන්තය |
55 |
n/a |
9 |
Jaminan Hari Tua (මහළු වයස් රක්ෂණය) |
ඉන්දුනීසියාව |
20 |
n/a |
10 |
ශ්‍රී ලංකා සේවක අර්ථසාධක අරමුදල |
ශ්‍රී ලංකාව |
13 |
3.6% |
* අනෙක් සියලුම රටවල් සඳහා 2019 දත්ත ඉදිරිපත් කොට තිබුණත්, ඉන්දියාව සඳහා ඉදිරිපත් වී ඇත්තේ 2018 වසරේ අගයයන් බව සලකන්න.